2015දී එජාපය දිනවීමට කඩේ ගිය ඕමල්පේ සෝභිත හිමි පාඨලී රැකගන්න එයි – ලංසුව බෙන්ස් රථයක් .!

සන්දීප් ගුණවර්ධන නම් තරුණයෙකු අනතුරට ලක් කර සිය දේශපාලන බලයෙන් සාක්ෂි මකා දමා සිදුවීම යට ගැසු පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙමින් පවති.
තමන්ට එරෙහි නඩුව නැවතත් විභාග වෙද්දී දැඩි බියෙන් පසුවන පාඨලී චම්පික නීතියෙන් ගැලවීමට නව උපක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේ. එනම් තමන්ට හා එක්සත් ජාතික පක්ෂයට පක්ෂපාතී චීවරධාරීන් ගෙන්වා මාධ්‍ය හමුවක් පැවැත්වීමයි.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ජාතික හෙළ උරුම පක්ෂ නායකත්වයෙන් එලවා තමන් පක්ෂ නායකත්වය පැහැර ගත් පාඨලී චම්පිකගේ ප්‍රධාන අතවැසියෙකු වන ඕමල්පේ සෝභිත හිමි මෙම මාධ්‍ය හමුව මෙහෙයවූවා.
2015දී මෛත්‍රිපාල සිරිසේන දිනවීමටත්, ජාතිකවාදී රජය පැරදවීමට එජාපයට එක්වූ ඕමල්පේ සෝභීත හිමි මෙහිදී පාඨලී චම්පිකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අනවශ්‍ය බව ප්‍රකාශ කළා.
2015 ජනපතිවරණයෙන් පසුව එජාප රජයේ ප්‍රබල අමාත්‍යංශයක් පාඨලී චම්පිකට හිමි වූ අතර ඕමල්පේ සෝභිත හිමිට පාඨලීගේ අමාත්‍යංශයෙන් සුපිරි බෙන්ස් රථයක් ලබා දීමට කටයුතු කර තිබුණා. එම බෙන්ස් රථය තවමත් ලබා දීමට ඕමල්පේ සෝභිත හිමි කටයුතු කර නැහැ.