BREAKING NEWSEXCLUSIVEPOLITICS
තව සති දෙකකින් තෙල් හිඟය අවසන්..- ඇමති ලොකුගේ

කොළඹ සහ අවට නගර වලට ඊයේ දිනය වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් ඩීසල් සහ පෙට්‍රල් බෙදාහැර ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.
සුපුරුදු පරිදි අද දිනයේදීත් පෙරවරු 06.00 සිටම එම බෙදාහැරීම් සිදුකරන අතර කොළඹ නගරයට උදෑසන සහ පස්වරුවේ කාලයේදී සෑම පිරවුම්හලක් වෙතම ඩීසල් බවුසරයක් සහ පෙට්‍රල් බවුසරයක් බෙදාහැරීමට තීරණයක් ගත් බවද අමාත්‍යවරයා සඳහන් කරනු ලැබුවා.
මේ අතර කොළඹ නගරයේ ඇති සෑම භූමිතෙල් පිරවුම්හලක් වෙතම එම බවුසරයක්ද බෙදාහරින බවයි ලොකුගේ අමාත්‍යවරයා කියා සිටි අතර, දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය අනුව තව සතියක් දෙකක් යන විට තෙල් හිඟය පහව යනු ඇති බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කලේ.