BREAKING NEWSEXCLUSIVE

යලි තෙල් මිල ඉහල යන ලකුණු…

රජය ඉන්ධන මත පනවා ඇති බදු සඳහා ලබා දෙන සහන ප්‍රමාණය අනුව ඉදිරියේදී ඉන්ධන මිල වැඩි කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාග කර සිටියා.ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

ඉන්ධන මත පනවා ඇති බ දු ඉවත් කර දෙන මෙන් තමා මුදල් අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එහිදී කියා සිටියා.

අමාත්‍යවරයා සඳහන් කළේ, තෙල් සංස්ථාවේ ගණනය කිරීම අනුව මේ වන විට පෙට්‍රල් 92 වර්ගයේ ලීටරයක් මත රු.42 ක්, පෙට්‍රල් 95 වර්ගයේ ලීටරයක් මත රුපියල් 64 ක්, ඩීසල් ලීටරයක් මත රු. 17 ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් මත රු.39 ක් යනාදී වශයෙන් බ දු පනවා ඇති බව ය.
මෙම බදු මගින් මුදල් අමාත්‍යංශය දිනකට රු. මිලියන 368 ක් උපයා ගනු ලබන බව ද ඔහු පවසා සිටියා.

ඔහු තවදුරටත් සඳහන් කළේ, ලංකා ඉතිහාසයේ වැඩි ම තෙල් මිලට මේ මොහොතේ මුහුණ දෙමින් සිටින අතර ලෝකයේ තෙල් නිපදවන බහුතරයක් රටවල්වල ඩීසල් මිල ලංකාවේ මිලට වඩා වැඩි බව ය. දකුණු ආසියාවේ අඩු ම ඩීසල් මිල පවතින්නේ, ශ්‍රී ලංකාවේ බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

කෙසේ නමුත් තෙල් සංස්ථාවේ ගණනය කිරීම් අනුව, පෙට්‍රල් 92 වර්ගයේ ලීටරයකින් රු. 19 ක්, පෙට්‍රල් 95 ලීසල් ලීටරයකින් රු. 17 ක්, ඩීසල් ලීටරයකින් රු. 52 ක්, සුපිරි ඩීසල් ලීටරයකින් රු.35 ක් සහ භූමිතෙල් ලීටරයකින් රු. 63 ක් අලාභ ලබමින් තෙල් සංස්ථාව මේ වන විට තෙල් විකිණීම සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

එබැවින් මේ වන විට තෙල් සංස්ථාව දෛනිකව ලබන පාඩුව රුපියල් මිලියන 551 ක් වන අතර ඉන්ධන මත පනවා ඇති බ දු සියල්ල ඉවත් කළහොත් තෙල් සංස්ථාව දැනට ලබන පාඩුවෙන් රුපියල් මිලියන 368 ක සැලකිය යුතු මුදලක් ආවරණය කර ගත හැකි බව බලශක්ති අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button