BREAKING NEWSEXCLUSIVE

පාපන්දු ක්‍රීඩාව පාසල් මට්ටමින් දියුණු කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නිළධාරීන් එකග වෙයි

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නිළධාරීන් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව පාසල් මට්ටමින් දියුණු කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙල සදහා සහයෝගය බවට එකගා තත්වය පල කර බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA)නිලධාරීන් සමඟ ඊයේ (06) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවේ ඉදිරි ගමන පිළිබඳව පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) පවතින ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා අවශ්‍ය මූලික පසුබිම සැකසීමට සියලු පාර්ශව එකඟ විය. නව ව්‍යාවස්ථාව තුලින් පැහැදිලි බලය බෙදීම සමඟ ශක්තිමත් පාලන ක්‍රමවේදයක් ස්ථාපිතවනු ඇත.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිල කාලය මේ වන විට අවසන්ව ඇත. නව නිළධාරී මන්ඩලයක් පත් කර ගැනීමේ ඡන්දයක් පැවැත්වීම සඳහා මාස 02 ක කාලයක් ලබා දීම සුදුසු බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නියෝජිතයින් අමාත්‍යවරයා වෙත යෝජනා කරනු ලැබීය.
මූල්‍යමය හා පරිපාලන කටයතු සදහා ස්ථීරවම වගකිව යුතු නිළධාරියෙකු සිටීමේ වැදගත්කම මෙහිදී සාකච්ඡා කෙරිණි. ඒ සදහා ස්ථීර ලේකම්වරයෙකු හෝ ප්‍රධාන විධායක නිළධාරිවරයෙකු සංගමය වෙත බදවා ගැනීමට එකගත්වය පල විය.
ශ්‍රී ලංකාවේ පාසල් පාපන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීමට වැඩි අවධානයක් ලබාදෙන ලෙසත්, ඒ සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා කළ ඉල්ලීමට දකුණු ආසියාවේ ප්‍රාදේශීය කාර්යාල සංවර්ධන කළමනාකරු ප්‍රින්ස් රූෆස් මහතා එකගතාව පළ කලේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button