සජිත්, රනිල් මඟ ගිය ආර්ජන්ටිනා ආර්ථිකයට වෙච්ච දේ!

උතුරු ඇමෙරිකානු රටක් වන ආර්ජන්ටිනාවේ ආර්ථිකය මේ දිනවල දැඩි ලෙස කඩා වැටෙමින් පවතිනවා.
කොරොනා වසංගතයත් සමග ඇතිවුනු ආර්ථික අවපාතයෙන් ගොඩ ඒම සඳහා ආර්ජන්ටිනාව අනුගමනය කළ ආර්ථික උපක්‍රමය වූයේ ජාත්‍යන්තර මූල්‍ය අර්මුදල (IMF) වෙත යොමු වීමයි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අර්මුදල විසින් ලබා දුන් කොන්දේසි සහ උපදෙස් අනුව ආර්ජන්ටිනා මහ බැංකුව සිය ආර්ථිකය හසුරවමින් සිටියි. එලෙස IMF උපදෙස් මත පාලනය වන එරට ආර්ථිකය දිගින් දිගටම කඩා වැටෙමින් තිබෙන අතර ඉතිහාසයේ දරුණුම ආර්ථික අවපාතය වාර්තා කරමින් සිටියි.
එම අර්බුධය උග්‍ර කරමින් එරට මහ බැංකුව ආර්ජන්ටිනාවේ පොලී අනුපාත 42.5%ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ IMF හි උපදේශ අනුවයි. එරට මහ බැංකු වාර්තා අනුව ආර්ජන්ටිනාවේ උද්ධමනයත් 51% දක්වා ඉහළ ගොස් තිබේ.
ආර්ජන්ටිනා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 40ක ණයක් ගෙවීමට ඇත්තේද මෙවැනි පසුබිමකයි. ආර්ජන්ටිනාව මෙවැනි දරුණු ආර්ථික අවපාතයකට මුහුණ දෙන්නේ එරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත ආර්ථිකය හැසිරවීම නිසා යැයි විචාරකයන් ප්‍රකාශ කරනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමෙරිකාවේ දේශපාලන උවමනාවන් වලට අනුව හිතාමතාම ආර්ජන්ටිනාවේ ආර්ථිකය බිඳ දැමීමට කටයුතු කළ බවටයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු තවදුරටත් පිළිගත හැකි ජාත්‍යන්තර ව්‍යූහයක් නොව ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලනික බලල් අතක් බවට ඇතැම් ආර්ථික විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබුණා.
ශ්‍රී ලංකාවද සිය ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව හැසිරිය යුතු බවට පසුගිය සමයේ ඇතැම් විපක්ෂ දේශපාලඥයන් ප්‍රකාශ කළා. එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ අතර ඉදිරියෙන්ම සිටියා.