BREAKING NEWSEXCLUSIVE

රාජ්‍ය සේවකයන් රාජකාරියට පැමිණිය යුතු දින ගණන සතියකට දින 04 දක්වා අඩුවෙයි…

රාජ්‍ය සේවකයන් සඳහා සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරී කළ හැකි දිනයක් බවට පත්කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව රාජ්‍ය සේවකයන් රාජකාරියට පැමිණිය යුතු දින ගණන සතියකට දින 04 ක් දක්වා අඩුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වන යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ද මාදිවෙල ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් දිනේෂ් ගුණවර්ධන මහතා කියාසිටියා.

රටේ පවතින ඉන්ධන හා මූල්‍ය අර්බුදය හේතුවෙන් මෙම පියවර ගන්නා බව ද දිනේෂ් ගුණවර්ධන මහතා කියාසිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button