NSBM හරිත සරසවියේ දත්ත පද්ධතිය hack කර කෝටි තුනක මුදලක් පැහැර ගැනේ

අන්තර්ජාලය ඔස්සේ රුපියල් කෝටි 3 ක මුදලක් වංචා කිරීමට අදාළව සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.
අන්තර්ජාලය භාවිතා කරමින් හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක දත්ත පද්ධතියට අනවසරයෙන් ඇතුළ වී එම ආයතනයේ නමින් කිරුළපන ප්‍රදේශයේ බැංකුවක පවත්වා ගෙන ගිය ගිණුමකින් මෙම මුදල් වෙනත් ගිණුමකට බැර කර ඇත.
පසුව තවත් රුපියල් මිලියන 100 ක මුදලක් නැවත ඒ ආකාරයෙන්ම බැර කිරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් අදාළ විශ්වවිද්‍යාලයේ මුල්‍ය ප්‍රධානියා විසින් ජනවාරි මස 24 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
ඒ අනුව සිදුකල විමර්ශනවලදී ආදළ සරසවි ගිණුමෙන් රුපියල් මිලියන 30 ක මුදලක් වංචනිකව වෙනත් පුද්ගලික බැංකු ගිණුමකට බැර කර ගත් පුද්ගලයා නැවත ඒ ආකාරයෙන්ම ආදළ ආයතනයේ ගිණුමෙන් රුපියල් මිලියන 100 ක මුදලක් විදේශිකයින් දෙදෙනෙකුට අයත් පෞද්ගලික සමාගමක ගිණුමකට බැර කිරීමට දරනු ලැබු උත්සහයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ජනවාරී 24 වන දින කොළඹ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර වංචනිකව ලබා ගත් රුපියල් ලක්ෂ 16 ක මුදලක් ද ඔහුට අයත් ගම්පොල ප්‍රදේශයේ පුද්ගලික බැංකු ගිණුමක තිබී සොයා ගැනීමට හැකිවී තිබේ.
සැකකරුවන් ජනවාරි 25 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු නැවත පෙබරවාරි 13 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙම වංචාව සම්බන්ධයෙන් ගිණුම් හිමි විදේශිකයින් දෙදෙනා පෙබරවාරි 3 වන දින කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඊයේ(04) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 6 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ඒ අනුව අන්තර්ජාලය මඟින් සිදු කරන මුදල් ගනුදෙනු සහ බැංකු කටයුතුවලට අදාළ ඔබගේ මුරපද(password) සහ ඇතුළත් වීමේ භාවිත නම(username) විවිධ බැංකුවල වෙබ් පිටු ඔස්සේ හුවමාරු කර ගැනීමේ දී එම අන්තර්ජාල වෙඩ් පිටුවල විශ්වසනීයත්වය සහ සත්‍යතාවය තහවුරු කොට වඩාත් විමසිලිමත්ව ගනුදෙනු සිදු කරන මෙන් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.