BREAKING NEWSEXCLUSIVEPOLITICS

අනුර ජනපති කරන්න ජවිපෙ පලමු රැලිය බදාදා නුගේගොඩින් අරඹයි..!

එළබෙන 23 වැනිදා නුගේගොඩදී දැවැන්ත ජන රැළියක් පැවැත්වීමට ජාතික ජන බලවේගය සූදානම් වන බවට වාර්තා වනවා.

වත්මන් ආණ්ඩුවේ පීඩාකාරී පාලනයට එරෙහිව මෙම ජන රැළිය පැවැත්වෙන බවයි එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා පවසනවා.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දැවැන්ත ලෙස කඩාවැටීම හේතුවෙන් සමස්ත ආර්ථික දේහයම කඩාවැටී ඇති බව පෙන්වා දෙන අනුර දිසානායක මහතා පවසන්නේ මේ හරහා රටතුළ කලු ආර්ථිකයක් නිර්මාණය වී ඇති බවයි. මේ හේතුවෙන් ජනතාව විඳින පීඩා දෙගුණ තෙගුණ වී ඇති බවද ඔහු සඳහන් කරනවා.

දැඩිලෙස ජනතාව පීඩාවට පත් කරන පාලකයන් පළවා හැර ජනතාවාදී පාලනයක් ගොඩනැගිය යුතු බවත්, ඊට නායකත්වය ලබාදීමට ජාතික ජන බලවේගය සූදානම් බවත් අනුර දිසානායක විසින් සඳහන් කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button