BREAKING NEWSEXCLUSIVEGOSSIP NEWSVIRAL NEWS

“දැන් අපිට මැරෙන්න වෙලා තියෙන්නේ බඩගින්නේ” රට වසා දැමීමට එරෙහි දැඩි ජන විරෝධයක්

මහජනතාව අපහසුතාවයට පත්වන අයුරින් මසකට ආසන්න කාලයක් රට තුල සංචරණ නීති පනවා තිබීම පිළිබදව සමාජ මාද්‍ය තුල දැඩි විරෝධතාවක් ඇතිවෙමින් පවතිනවා..

පසුගිය 21 වන දින රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි රට තුල සංචරණ සීමා පනවනු ලැබුවා. ඉන්පසුව වරින් වර සංචරණ සීමා ඉවත් කරන බව දැන්වූවත් ඉවත් කිරීමක් සිදුවුනේ නැහැ. එම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හෝ මිලට ගත නොහැකිව ජනතාව පත් වුනේ දැඩි අසීරූ තත්ත්වයකටයි.

රට වසා දමා තිබෙන සමයේ රාජ්‍ය සේවකයන්ට සම්පූර්ණ වැටුපත්, බොහෝ පුද්ගලික ආයතන වල අර්ධ වැටුපක්ද ගෙවනු ලබනවා. කෙසේ වෙතත් එදිනෙදා ආදායම සපයා ගත් බොහො දෙනා මෙලෙසට රට වසා දැමීම හේතුවෙන් පත්ව තිබෙන්නේ දැඩි පීඩනයකටයි.

සමාජ මාධ්‍ය තුල මෙසේ රට වසා දැමීම සම්බන්ධ විරෝධතා දක්වමින් ඔවුන් කියා සිටින්නේ එදිනෙදා සාමාන්‍ය ජන ජීවිතයට මෙමගින් දැඩිසේ බාධා වන බවත් එසේ නොකොට හැකි පමණ එන්නත්කරණ කටයුතු වඩාත් කාර්‍යක්ෂම සිදුකිරීමට කටයුතු කරන ලෙසයි.

එලෙසට සමාජ මාධ්‍යයන්ගේ පළවූ නිර්මාණ කිහිපයක් පහතින්,

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button