BREAKING NEWSEXCLUSIVE

රට විවෘත වුනත් තවදුරටත් අවසර නොමැති දේ ගැන දැනුම්දීමක්

සංචරණ සීමා ඉවත් කර රට විවෘතව පැවතියත් නිරෝධායන රීතිවලට අනුගතව ජනතාව කටයුතු කළයුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා

පසුගිය 20 වනදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ සම්බන්ධයෙන් නිර්ණායක නිකුත් කළ බවද ඔහු පෙන්වා දෙනවා.

පොදු ප්‍රවාහන සේවා, කඩ සාප්පු පවත්වාගෙන යෑම, අනෙකුත් ආයතන පවත්වාගෙන යෑම සහ ජනතාව නිවෙස්වලින් පිටතට පැමිණීමේදී ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළයුතු බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සෞඛ්‍ය නිර්ණායක අනුව තවදුරටත් සම්භාහන මධ්‍යස්ථාන, සිනමාහල්, ඔට්ටු තබන ස්ථාන, සමාජශාලා, බාර්, එළිමහන් හෝ ගෘහස්ථව පැවැත්වෙන සාද වැනි දෑ පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැති බවද ඔහු පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button