කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර පිළිබඳ නිවේදයක්.

රියදුරු බලපත්‍රවල කාලය දීර්ඝ කිරීම සහ වසරක් සඳහා තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන අප්‍රේල් මස පළමු වන දා සිට ජුනි මස 30 වන දා දක්වා කාලය තුළ කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය,කල් ඉකුත් වන දිනයේ සිට මාස 06 ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජුනි මස 01 වන දා සිට සැප්තැම්බර් 30 වන දා දක්වා කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය,කල් ඉකුත්වන දිනයේ සිට මාස තුනකින් දීර්ඝ කරන බවයි.
එමෙන් ම තාවකාලික රියදුරු බලපත්‍රය සඳහා ආරක්ෂිත ක්‍රමවේද සහිත පරිගණක යෙදවුමක් පොලිස් දෙපාර්තමේන්තුවට හඳුන්වා දීමටද කටයුතු සම්පාදනය කර තිබෙනවා.
දැනට නිකුත් කර ඇති තාවකාලික රියදුරු බලපත්‍ර සඳහා වසරක වලංගු කාලයක් සහිත නව තාවකාලික රියදුරු බලපත්‍රයක් තැපැල් මගින් බලපත්රලාභියාට ලබා දීමට ද පියවර ගෙන තිබෙනවා.