BREAKING NEWSEXCLUSIVEPOLITICS

රජුන් තනා නික්මයන මංගල ගැන දේශපාලන බලවතුන් තැබූ සටහන්..

අද දින සිය ජීවනගමන නිමා කරමින් නික්ම යන මංගල සමරවීර මහතා පිළිබදව ඔහුගේ දේශපාලන සටන් සගයින් බොහෝ සටහන් තබා තිබුනා.

ශ්‍රී ලංකාවට ශ්‍රේෂ්ඨ නායකයෙකු අහිමි වූ බවත් මංගල සමරවීර යනු ජාතියට ආදරය කළ පුද්ගලයෙක් බවත් ඔහුගේ සටන් සඟයා වූ හිටපු ජනපති වර්ථමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ මංගල සමරවීර මහතාගේ වියෝව ඇසීමෙන් තමන් ශෝකයට පත්වූ බවයි.  ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු කළ සේවයට ස්තූතිය ප්‍රකාශ කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි. 2005 මහින්ද රාජපක්ශ මහතා බලයට ගෙන ඒම සදහා ඔහු පුරෝගාමීය්ව්කු වූ අතර විශිෂ්ඨ මෙහවරක් ඉටු කරනු ලැබුවා.

ශ්‍රී ලාංකීය දේශපාලන ගමන්මඟෙහි විශාල පරිවර්තනයන් මෙන් ම ‍අරගලයන් දියත් කරමින් ලාංකීය ජනතාවට අමිල මෙහෙවරක් ඉටුකිරීමට සක්‍රීයව දායක වූ කෘතහස්ත දේශපාලනඥයකු වන එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මැතිතුමාගේ හදිසි වියෝව සැල වීමෙන් තමා ඉතා සංවේගයට පත් වූ බව ජනාදිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදනන් කරනවා.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාගේ අභාවය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශෝක පණිවිඩයක් නිකුත් කොට තිබුනා.

ශ්‍රී ලාංකීය දේශපාලනයේ බිහිවූ විප්ලවීය දේශපාලන චරිතයක් ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකි හිටපු අමාත්‍ය, අප හිතාදර මංගල සමරවීර මැතිතුමාගේ අභාවය පිළිබඳව වූ පුවත අපගේ දැඩි කම්පනයටත්, බලවත් ශෝකයටත් හේතුවිය.දශක තුනකට වැඩි ස්වකීය දේශපාලන ගමන් මඟ තුළ තමන් විශ්වාස කරන දර්ශනය වෙනුවෙන් කුමන බාධක මැද වුවද උඩුගම් බලා පිහිනූ දුර්ලභ දේශපාලන චරිතයක් ලෙස මංගල සමරවීර චරිතය අප හදවත් තුළ නොමැකී සටහන්ව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස, අමාත්‍යවරයෙකු ලෙස මෙන්ම හිතෛෂිවන්ත මිතුරකු ලෙස ද එතුමා පිළිබඳව අප තුළ ඇත්තේ කිසිදාක අමතක කළ නොහැකි මතක රැසක් බවත්,නිර්භීත විප්ලවකාරයෙක් බවත් ඔහු සදහන් කලා.

මංගල සමරවීර තම දේශපාලන ගමන් මගේදී කිසිවිටෙකත් ජාතිවාදය හෝ ආගම්වාදය යොදා නොගත් නිදහස් මතධාරියෙකු වූ බව ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර තිබුනා.

මංගල සමරවීරයන් ගේ අකල් වියෝව ජාතියක් වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයට ද පෞද්ගලිකව මට ද ඉමහත් පාඩුවකි. ඉකුත් දින දහවලේ දී ඔහුට දුරකථනයෙන් ඇමතූ අවස්ථාවේ දී මා පැවසුවේ ඔහු සුවය ලබා පැමිණීම මා අපේක්ෂාවෙන් සිටින බව ඔහුගේ දේශපාඅලන සටන් බිමේ මිතුරා වූ හිරටපු අගමැති රනිල් වික්‍රමසිංගහ මහතා ප්‍රකාශ කර තිබුනා.

මංගල සමරවීර මහතා සුවිශේශී මෙහෙවරක් ඉටු කරමින් ශ්‍රී ලාංකික ඉතිහාසයෙ ලද අති විශිශ්ඨතම මැතිවරන ජයග්‍රහනය සමඟින් බලයට පත් වූ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සිය ශෝකය ප්‍රකාශ කලේ මෙලෙසින්.

මංගල සමරවීර මහතා සුවිශේශී මෙහෙවරක් ඉටු කරමින් සිදුකල ඔහුගේ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ ලද අවසන් බල පෙරලිය සහිත මැතිවරන ජයග්‍රහනය සමඟින් බලයට පත් වූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා 1994 සිට සෑම රජයකටම ප්‍රබල අමාත්‍ය ධූර දැරූ ඔහු සෑම අමාත්‍යාංශයක්ම විශිෂ්ට අන්දමින් හැසිරවීමේ හැකියාවක් තිබූ අමාත්‍යවරයෙකි.ප්‍රතිපත්තිමය දේශපාලනය වෙනුවෙන් පෙනී සිටි ඔහු දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද මහත් ගෞරවයට සහ ආදරයට පාත්‍ර වූ අමාත්‍යවරයෙකි.නූතන ලෝකය පිළිබඳව මනා අවබෝධයක් තිබූ ජාත්‍යන්තර සමාජය සමඟ මනා සබැඳියාවක් ගොඩනැගූ මා මිත්‍ර මංගල සමරවීර ජීවිතයෙන් සමුගැනීම මාහට පෞද්ගලිකවත් ,රටටත් පිරිමැසිය නොහැකි පාඩුවක් බවත් ප්‍රකශ කරනවා.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button