BREAKING NEWS

යහපාලන සමයේ සිට ක්‍රියාත්මක වූ උතුරේ කල්ලියක් බෝම්බ හා ආයුධ සමග අත්අඩංගුවට

උතුරු පළාතේ විවිධ ස්ථානයන්හිදී මංකොල්ලකෑම්, රන් භාණ්ඩ සොරා ගැනීම් සිදුකළ පුද්ගලියින් පස් දෙනෙකු අත්බෝම්බ ඇතුළු ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව යාපනය අච්චුවේලි පොලීසිය පවසයි.

යාපනය අච්චුවේලි ප්‍රදේශයේ නිවාස මංකොල්ලකෑම් හා රන්භාණ්ඩ සොරකම් කිරීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත සිදුකළ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් විමර්ශනයකදී සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබි මංකොල්ලකෑම් වෙනුවෙන් යොදාගත් අත්බෝම්බ දෙකක්, කඩු දෙකක් හා යතුරුපැදි දෙකක්ද සොයාගෙන ඇත.

සැකකරුවන් යාපනය අච්චුවේලි හා චුන්නාකම් ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 22ත් 25ත් අතර පිරිසක් වන අතර, අදාළ පිරිස සංවිධානාත්මකව යාපනය, මන්නාරම හා කිලිනොච්චිය ඇතුළු ප්‍රදේශයන්හි මංකොල්ලකෑම්, රන් භාණ්ඩ සොරාගැනීම්, කාන්තාවන්ට අපයෝජනය කිරීම් සිදුකොට ඇති බවට තොරතුරු අනාවරනය වී ඇති බවටද පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම පොලීසිය විසින් සිදු කරන ලද වැඩි දුර ප්‍රශ්න කිරීම් වලදී සැකකරුවන් සතුව තිබි සොරාගත් රන් පවුම් 16 ක් සොයගත් බවත්, තවත් රන් භාණ්ඩ රැසක් විකිනීම හා උකස් තැබීම සිදුකොට ඇති බවට තොරතුරු ලැබී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button