BREAKING NEWSEXCLUSIVE
ලෝකයම කොරෝනාවෙන් භීතියට පත් වෙද්දී – කිසිදු රෝගියකු දැනට නොමැති උතුරු කොරියාවේ නායකයා මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව මිසයිල දෙකක් අත් හදා බලමින් මුහුදට දියත් කර ඇති බව දකුණු කොරියානු හමුදා අංශ වාර්තා කරනවා.
මේවා කෙටිදුර බැලැස්ටික් මිසයිල වශයෙන් හඳුනාගෙන තිබෙනවා.
අද (21) උදෑසන Pyongan ප්රාන්තයෙන් මෙම මිසයිල දියත් කර ඇත්තේ ජපාන මුහුද හෙවත් නැගෙනහිර මුහුදු ප්රදේශයටයි.
මෙවැනි තවත් මිසයිල දියත් කිරීම් සම්බන්ධයෙන් සොයා බලමින් සිටින දකුණු කොරියානු බලාධාරීන් ලෝකයම කොරෝනා වෛරසයෙන් භීතියට පත් වී සිටිද්දී උතුරු කොරියාව සිදු කරන මේ ක්රියාවලිය ගැන අප්රසාදය පළ කර තිබෙනවා.