BREAKING NEWSEXCLUSIVE

නොදන්වා ජනපති එන ආරංචියට ලංවිම ලොක්කෝ තැති ගනී – හැමදාම කැඩෙන බව කියන නොරොච්චෝල බලාගාර යන්ත්‍රයත් පැයෙන් හදලා

හදිසියේම කැඩුන බව කියන නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ මෙගාවොට් 300ක යන්ත්‍ර කඩිමුඩියේ යළි පද්ධතියට සම්බන්ධ කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇති බව වාර්තා වේ.

මෙම බලාගාරය හදිසියේම බිඳවැටුන පසු ඒ පිළිබඳ සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂඥ පරීක්ෂණ කණ්ඩායමක් පත් කිරීමට යන බවට ඊයේ (24) සවස ප්‍රචාරය වූ අතර අදාළ ආරංචියෙන් පසු ලංකා විදුලිබල මණ්ඩල ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවකු කියා සිටියේ බලාගාරයේ තිබූ දෝෂ හඳුනාගත් බවත්, අද (25) වන විට එම බලාගාරයේ විදුලි උත්පාදනය යළි ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයද කියා සිටින්නේ බලාගාරයේ ලිහිසි තෙල් වැස්මක් තිබූ බවත් එය සකසා අද (25) සිට යළි බලාගාරයේ විදුලි ජනන කටයුතු ආරම්භ කළ හැකි වනු ඇති බවත්ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button