BREAKING NEWSPOLITICS

නාම යෝජනා භාරගැනීම ඇරඹේ

2019 වසරේ නොවෙම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගැනීම මීට ස්වල්ප මොහොතකට පෙර ඇරඹුනා. මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අද (7) පෙරවරු 9.00ට නාමයෝජනා භාර ගැනීමේ කටයුතු ඇරඹුණි.

නාමයෝජනා භාරගැනීම අද උදෑසන 11.00 දක්වා සිදුකෙරේ.

ඒ සදහා රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය සහ ඒ අවට ප්‍රදේශයේ මේ වන විට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාවට නංවා ඇත.

ජනපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් නාමයෝජනා භාරදීම සඳහා මේ වන විටත් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වෙත පැමිණ සිටින අතර එම කාර්යාලය පිහිටි සරණ මාවත පොලීසිය විසින් වසා දමා තිබේ.

මෙම කාර්යාලයට ඇතුලු විය හැක්කේ අපේක්ෂකයින්ගේ වාහන ඇතුළු අවසරලත් වාහන පමණි. නාමයෝජනා පිළිබඳ විරෝධතා පවතී නම් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 9.00 සිට 11.30 දක්වා වෙන්කර තිබේ.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button