“කිසිඳු ආකාරයේ විදුලි කප්පාදුවක් සිදු කරනු බෑ” රජය මැදිහත් වී ලංවිම – තෙල් සංස්ථා ගැටලු විසඳයි

විදුලි කප්පාදුවක් සිදු කිරීමට සුදානම් වීම සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (04දා) ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ කළමනාකාරිත්වයෙන් කරුණු විමසනු ලැබ තිබේ.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම මේ වනවිට ණය සීමාව ඉක්මවා ඇතත් විදුලි කප්පාදුවක් කිරීමට සිදුවෙන බවට තමන් දැනුම්වත් කළේ නම් ඊට තමන් ඉඩ නොතබන බව එම සංස්ථාවේ ඉහළ කළමනාකාරිත්වය විසින් අමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබේ.
කෙසේ වුවද දැනට ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් රුපියල් බිලියන 88ක් ඉක්මවා ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා දි තිබේ.
මෙම තත්ත්වය පැහැදිළි කර කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීම සඳහා ඉදිරියේ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව අද (05දා) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී තමන් පියවර ගන්නා බවත්, අවශ්‍ය නම් ණය සීමාව වැඩි කර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට තමන් කටයුතු කරන බවත් මෙහිදී ප්‍රකාශ කර තිබේ.