BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

“ඉදිරියේ දී වෛරසය වෙනස් නොවේ යැයි කිසිවෙකුටත් පැවසිය නොහැකි” – චන්න ජයසුමන

ආසාදිතයින් හා මරණ අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බැවින් කොවිඩ් අවදානම පහව ගොස් ඇති බවට වැරදි අදහසක් ඇති කර නොගන්නැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඉදිරියේ දී වෛරසය වෙනස් නොවේ යැයි කිසිවෙකුටත් පැවසිය නොහැකි බව ද සඳහන් කර සිටි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ලෝකයේ අලුත් රැල්ලක් මතුවෙමින් තිබෙන බව පෙනෙන්නට ඇති බැවින් අවධානම තවම පහව ගොස් නැති බවයි.

එමෙන්ම මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනට අදාළ එන්නත් මිලදී ගැනීම් සම්බන්ධ සියලු තොරතුරු ඉදිරියේදී සවිස්තරාත්මකව අනාවරණය කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට එන්නත්කරණ වැඩසටහන අවසන් අදියරට පැමිණ තිබෙන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button