GOSSIP NEWSVIRAL NEWS

ශ්‍රියාලතා පෙරේරා හිංසනයට ලක් වී නොමැති බව වෛද්‍ය පරීක්ෂණයෙන් හෙළිවේ.!

පැහැරගැනීමට ලක්වූ බවට චෝදනා එල්ල කළ මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරනා ශ්‍රියාලතා පෙරේරා නොහොත් ගානියා ෆ්‍රැන්සිස් නමැති ශ්‍රී ලාංකික කාන්තාව අදාල දිනවලදී ශාරීරික වශයෙන් ලිංගික හිංසනයට ලක් වී ඇති බවක් වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වී නැති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කාන්තාව අවස්ථා දෙකකදී රහස් පොලිසිය විසින් දේශීය වෛද්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී මේ බව හෙලිව ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

එමෙන්ම ඇය ගිලන් ගුවන් යානාවකින් විදේශ රටකට ගෙන යා යුතු මට්ටමේ කිසිදු රෝගාබාධයක් නැති බව එහිදී හෙළිව තිබෙනා බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෑතකදී ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබුණේ මෙම කාන්තාව රෝගී තත්වයෙන් පසුවීම හේතුවෙන් ඇයගේ පවුලේ සාමාජිකයන් පවුල පිටින් ගිලන් ගුවන් රථයකින් ස්විට්සර්ලන්තයට ගෙන යාමටයි.

නමුත් විදේශ අමාත්‍යංශය කියා සිටියේ ශ්‍රී ලංකාවේ නීතිරීතිවලට අනුකූලව එම කටයුත්ත කළ නොහැකි බවත් ඊට පෙර ඇය එල්ල කරනා චෝදනා සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් ලබා දිය යුතු බවත්ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button