BREAKING NEWSEXCLUSIVEPOLITICS

මොන වසංගත ආවත් පඩි වැඩි කරන තෙක් අරගලය අත් හරින්නෙ නෑ – ජෝසෆ් ස්ටාර්ලින්

මේ දිනවල මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රශ්නයක් වන ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාව ද අසාර්ථක වූ බව ගුරු සංගම් පවසා සිටිනවා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සහ ගුරු – විදුහල්පති සංගම් 37ක් අතර අද සවස මෙම සාකච්ඡාව පැවැත්වුනා. වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා මේ අවස්ථාවේදී රජයට මුදල් නොමැති බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති පසුබිමක මෙම සාකච්ඡාව සිදුව තිබෙනවා.

ඒ අනුව ප්‍රධාන විභාග කිහිපයක් අභිමුඛව අඛන්ඩව 23 වැනි දිනටත් මෙම ගුරු- විදුහල්පති විරෝධතා පැවැත්විණි.  වැටුප් විෂමතා ඉවත් කිරිමට අදාළව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් අනුකමිටුවේ වාර්තාව ඊයේ (02) යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්  කිරීමටද කටයුතු කර තිබුනා.

මෙම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ලබන අයවැයේදී සලකා බැලීමට එහිදී කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කොට තිබූ අතර, අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් ගුරු සංගම් අද සිය විරෝධය පළ කළ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාර්ලින්  අද සදහන් කලේ,

“අයවැය වෙනකම් අපිට බලන් ඉන්න බෑ. අපි ඒ කාරණය දැඩිලෙස ප්‍රතික්ෂේප කළා. සුබෝධනී වැටුප් කමිටු වාර්තාව ක්‍රියාත්මක කරනවා ද? නැද්ද? කියලවත් තීරණයක් අරගෙන නෑ. ඔවුන්ගේ කතාවෙන් තේරුණේ ඔවුන්ට ඒ සම්බන්ධයෙන් ස්ථාවරයක් නෑ. ඔවුන්ට යෝජනාවක්වත් අතේ නෑ. අපේ අරගලය අනිවාර්යයෙන්ම පෙරට යනවා. මොන වසංගත ආවත්, කිසිදු  ලෙසකින් අපි අරගලය අත් හරින්නෙ නෑ” යනුවෙන්..

අද පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව පමණක් නොව සමස්ත ලෝකයම දැඩි ආර්ථික අර්බූදයක සිටින අවස්ථාවක වසර 24ක් පමණ පැවති ගුරු ගැටලුව මේ මොහොතේම විසඳන ලෙස ඉල්ලීම අසාධාරණ බවය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button