BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVEPOLITICS

වැටුප් කප්පාදු කිරීමට තීරණයක් ගෙන නැහැ – ඇමති ඩලස්

රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ කිසිදු සේවකයෙකුගේ වැටුප් කප්පාදු කිරීමට තීරණය කර නොමැති බව රජය පවසනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීන්දුව ලබන සතියේ දැනුම් දෙන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

එසේම, විද්‍යුත් සංචරණ සීමා අනුමැතිය මත දිවයිනට පැමිණෙන සංචාරකයින් සදහා දින 180ක් වලංගු වන පරිදි වීසා බලපත්‍ර ලබා දීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

මීට අමතරව, රජයට අයත් දැනට ධාවන තත්ත්වයේ නොමැති වාහන අතුරින් අලුත්වැඩියා කළ හැකි වාහන කඩිනමින් අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

රජය සතුව පවතින වාහන 82,194ක් අතුරින් වාහන 76,661ක් ධාවන තත්ත්වයේ පවතින අතර, වාහන 5533ක් ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතින බව සඳහන්.

එසේම, රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් 8500 කට පමණ මාසික දීමනාවක් ලබාදී ඔවුන්ගේ පෞද්ගලික මෝටර් රථ නිල ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා භාවිත කිරීම පිණිස ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button