BREAKING NEWSEASTEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICS

අගමැති ඛාන්ට එරෙහිව ආ විශ්වාසභංගය ඉවතට. මහමැතිවරණයකට නියෝග..!

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඡන්දය විමසීමකට නොගොස් එරට නියෝජ්‍ය කථානායකවරයා විසින් එය ප්‍රතික්ෂප කර ඇති බව වාර්තා වේ.

පාකිස්තාන විපක්ෂ සන්ධානයේ ප්‍රධාන දේශපාලන බලවේගය වන පාකිස්තාන ජනතා පක්ෂය මැදිහත් වීමෙන් එම විශ්වාසභංගය එරට පාර්ලිමේන්තුව ඉදිරිපත් කර ඇත.

පාකිස්තානයේ වත්මන් ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වගකිවයුතු බවට විපක්ෂය නගන චෝදනා විශ්වාසභංග යෝජනාවට හේතු වී තිබේ.  ඒ අතර පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස අගමැති ඉම්රාන් ඛාන්ගෙන් නියෝග ලබාදී තිබෙන බවද සදහන්..

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button