BREAKING NEWSPOLITICS

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාරදෙයි

‍ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කලේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අද (22) පෙරවරුවේ එම විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදුන් බවයි.

සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 43 දෙනෙකු එම විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් තබා තිබෙනවා.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පසුගියදා කරුණු 10ක් පදනම් කර ගනිමින් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button