BREAKING NEWSEXCLUSIVE

පුද්ගලික සමාගම් සිය ගණනක නත්තල් බෝනස් කැපේ – ජවිපෙට වාර්ෂික කප්පම් මුදල ගෙවලා!

මෙවර දිවයිනේ ප්‍රමුඛතම හෝටල් ඇතුලු ප්‍රමුඛපෙළේ පුද්ගලික සමාගම් ගණනාවක සේවකයන්ට වාර්ෂික නත්තල් ප්‍රසාද දීමනා ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනා බව වාර්තා වේ.

ඒ 2021 මූල්‍ය වසරේ සිය ආදායම් පහළ යාමත්, බෝනස් ගෙවීමට වෙන් කර තිබූ මුදල ජනතා විමුක්ති පෙරමුණට වාර්ෂික ගෙවීම ලෙස ගෙවා දැමීම හේතුවෙනි.

සෑම වසරකම දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ විශාලතම හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සියල්ල ජනතා විමුක්ති පෙරමුනට නිශ්චිත මුදලක් ගෙවිය යුතු වේ. එම මුදල ජවිපෙ අය කරන්නේ ඊළග වසරේදී ආයතනය තුල වැඩ වර්ජන ආදිය සංවිධානය නොකිරීමටත්, කඩාකප්පල්කාරී ක්‍රියා වලින් වැළකී සිටීමටත්ය.

මෙරට බොහෝ පුද්ගලික ආයතන වල ජනතා විමුක්ති පෙරමුණ වෘත්තීය සමිති පවත්වා ගෙන යතර, මෙම මුදල ගෙවීමට යම් කිසි සමාගමක් ප්‍රතික්ෂේප කළහොත් එම ආයතනය තුල සිය වෘත්තීය සමිති හරහා වැඩ වර්ජන සිදු කීරිමට ඔවුන් කටයුතු කරයි.

ඒ සඳහා අකමැති ව්‍යාපාර හිමියන් මෙම වාර්ෂික ගෙවීම ජනතා විමුක්ති පෙරමුණට ගෙවා දමනවා. මෙය එක්තරා අකාරයක කප්පම් ගෙවීමක් වූවත්, එය ව්‍යාපාර හිමියන්ට අවාසිදායක වන්නේත් නැහැ.

මන්ද ඉන්පසුව සිය සේවකයන්ගෙන් වැටුප් වැඩි කිරීමට හෝ වරප්‍රසාද ඉල්ලා සංවිධානාත්මක විරෝධයක් එල්ල නොවීම හේතුවෙන්. බොහෝ ව්‍යාපාර හිමියන් ජනතා විමුක්ති පෙරමුණට මෙම කප්පම් මුදල ගෙවා දමන්නේ සිය සේවකයන්ට වැටුප් වැඩි කිරීමට, අතිකාල සහ ප්‍රසාද දීමනා ගෙවීමට ඇති මුදලිනි.

මෙය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලතම ආදායම් මාර්ගයකි. මෙරට ධනවත්ම ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා වාර්ෂිකව ජනතා විමුක්ති පෙරමුණට ගෙවන මුදල මිලියන 80ක් පමණ වන බවත් වාර්තා වේ. එය රුපියල් කෝටි අටක මුදලක්.

ජනතා විමුක්ති පෙරමුණ මෙම ව්‍යාපාරික කප්පම් වලින් පමණක් වාර්ෂිකව කෝටි 50කට වඩා උපයන බවත්, ඔවුන්ගේ සම්පූර්ණ වත්කම් රුපියල් බිලියන 8ක් ඉක්මවන බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදි ව්‍යාපාරිකයන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණත් මෙම ගණුදෙනුවෙන් ලාභ ලබන අතර, පීඩාවට පත්වන්නේ පුද්ගලික අංශයේ වැඩ කරනා සේවක පිරිසමයි. මන්ද ඔවුන්ගේ වරප්‍රසාද රැකීමට යැයි පවසා ජවිපේ පවත්වාගෙන යන වෘත්තීය සමිති වලින් සැබෑ ලෙසම ජවිපෙ සිදු කරන්නේ වැඩ කරන පන්තියේ මිනිසුන්ගේ මුදල් කොල්ලකෑමක් වන බැවිනි.

මෙහිදි ජවිපෙ ඔවුන්ම විකුණා ඔවුන්ගේම මුදල් කොල්ල කෑම ඌරාගේ මාලූ ඌරා ඇගේම තබා කැපීමක් යැයි මින්පෙර ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ, එහි හිටපු දේශපාලන මණ්ඩල සාමාජික නන්දන ගුණතිලක ප්‍රකාශ කර තිබීම විශේෂත්වයක්.

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානය මෙරට ධනවත්ම හා සුඛෝපභෝගිම පක්ෂ මූලස්ථානය වන අතර එහි ඉහළ මාලයේ සුඛෝපභෝගි නිවාසයක් (Penthouse) පවතින අතර එය ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ජීවත් වන සුඛෝපභෝගී ඉහළ මාලයයි. සම්පූර්ණයෙන්ම වායුසමනය කර ඇති එහි වැසිකිලි වල පවා අධිතාක්ෂණික රූපවාහිනි තිර පවතිනවා.

මෙතරම් මුදල් ජනතා විමුක්ති පෙරමුණට පවතින්නේ මෙවැනි රහසිගත ආදායම් මාර්ග හේතුවෙන් බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මන්ත්‍රී වැටුප් ලබා නොගන්නවා යැයි පවසනා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ මිල අධික වත්කම් මින්පෙර මාධ්‍ය මගින් අවස්තා රැසකදී හෙළිදරව් වුනා.

ජනතා විමුක්ති පෙරමුණ, සෑම දිනකම තමන් ජනතා මුදල් හොරකම් නොකරන දේශපාලන පක්ෂයක් යැයි කීවත් බලයට පවා නෑවිත් වැඩ කරන පන්තියේ මිනිසුන්ගේ ධනය සූරා කන්නේ මෙලෙසයි. එම මුදල් ඔවුන් සිය පක්ෂ නායකයන්ගේ සුඛ විවරණය සඳහා යොදවයි.

මේ අනුව මෙවර මූල්‍ය වර්ෂයේ සාපේක්ෂව ආදායම අඩු වූ ව්‍යාපාරිකයන්, නත්තල් ප්‍රසාද දීමනා ගෙවීමට ඇති මුදල් මෙලෙසට ජවිපෙට ගෙවා දමා තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර දේශපාලන මණ්ඩලය නියෝජනය කරන වසන්ත සමරසිංහ පක්ෂය වෙනුවෙන් මෙම ගණුදෙනු මෙහෙයවන පුද්ගලයා වනවා. ඔහු පසුගිය වසරේ බත්තරමුල්ල ප්‍රදේශයේ කෝටි 22ක ඉඩමක් මිලට ගත් පුවතක්ද මාධ්‍ය හරහා වාර්තා කර තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button