BREAKING NEWSEXCLUSIVE

අද අත්අඩංගුවට ගත්තොත් ඇපත් නෑ..

ඊයේ (23) රාත්‍රී 10 සිට පැනවූ එම සංචරණ සීමා අද දිනයේ ක්‍රියාත්මක අතර හෙට (25) අලුයම 4න් අවසන් වනවා.

ඒ අනුව අද නිවෙස්වලින් පිටතට යා හැක්කේ අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවීම් කර ඇති අයට පමණකි.

අද දිනයේත් නිරෝධායන රීති සම්බන්ධ මෙහෙයුම් ක්‍රියාත්මකය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අද දිනයේදී නීතිවිරෝධී ක්‍රියාවක් හේතුවෙන් යම් අයෙකු අත්අඩංගුවට ගත්විට පොලිස් ඇප දීමක් සිදු නොවන බවය.

ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවශ්‍ය නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද අජිත් රෝහණ මහතා සදහන් කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button