GOSSIP NEWSVIRAL NEWS

“තාප්පවල හමුදාවේ චිත්‍ර අදින්න එපා, සංහිදියාව කැඩෙනවා” මනෝ ගනේෂන් ජාතිවාදය වපුරයි.!

ප්‍රබල බෙදුම්වාදියෙක් මෙන්ම රණවිරු විරෝධියෙක් වන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ වාර්තා වේ.

එහිදී මනෝ ගනේෂන් ප්‍රකාශ කරන්නේ රටපුරා තරුණයන් තාප්පවල චිත්‍ර ඇඳීම හොඳ හොඳ දෙයක් නමුත් යුධ ජයග්‍රහණය ගැන චිත්‍ර ඇඳීම ඉතා නරක දෙයක් බවය.

යුද ජයග්‍රහණය ගැන චිත්‍ර ඇඳීම ජාතිවාදී ක්‍රියාවක් බවත්, ශ්‍රී ලංකා හමුදාව යුද ජයග්‍රහණය ලැබීම පිළිබඳ සතුටු විය නොහැකි බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

දැඩි කොටි හිතවාදියෙක් වන මනෝ ගනේෂන් යුද්ධය පැවති සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානයට අවශ්‍ය දේශපාලන සහය ලබා දුන් අතර කොටි සංවිධානය නන්දිකඩාල් හීදි ලැබූ පරාජයෙන් පසු යුධ ජයග්‍රහණය ලබා ගත් රාජපක්ෂවරුන් දේශපාලනිකව පරාජය කිරීමේ මෙහෙයුමට මනෝ ගනේෂන් එක්වූ අතර 2015හිදී රාජපක්ෂවරුන් පරාජය කිරීමට ඔහු ප්‍රබල දායකත්වයක් ලබා දුන්නා.

ඉන්පසුව පැවති එජාප රජයේ ප්‍රබල කැබිනට් ඇමති ධූරයක් දැරු මනෝ ගනේෂන් දෙමළ භාෂාව සහ දෙමළ ජාතිකයන් නගා සිටුවමට ප්‍රබල දායකත්වයක් සැපයූවා.

මනෝ ගනේෂන්ගේ එම ප්‍රකාශය අඩංගු වීඩයෝව පහතින්,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button