BREAKING NEWSEXCLUSIVE

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැකුණු දත්ත යළි ලබාගැනීමේ කටයුතු ඇර​ඹෙයි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ මැකී ගිය දත්ත යළි ලබා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක මැදිහත්වීමෙන් එම කටයුතු ආරම්භ කර ඇති බව ඖෂධ නිෂ්පාදන නියාමන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසා සිටිනවා.

අදාළ කටයුතු සහ සිද්ධිය සම්බන්ධ විමර්ශන අවසන් වන තුරු මෙතෙක් එම පද්ධතිය භාරව ක්‍රියාකළ සමාගම එම කටයුතුවලින් ඉවත් නොකරන බව ද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button