BREAKING NEWSEXCLUSIVE

බැසිල්ගේ තීරණයක් – පොහොට්ටුවෙන් නාමයෝජනා ඉල්ලන්න ආ නිශාන්ත මුතුහෙට්ටිගම හරවා යැවේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ඉල්ලීමට පැමිණි ගාල්ල දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ආපසු හරවා යවා තිබේ.

ඒ මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා අවස්තා ලබා දෙන නිර්නායක නිශාන්ත මුතුහෙට්ටිගම සපුරා නොමැති වීම හේතුවෙනි.

නාමයෝජනා අත්සන් කිරීම සඳහා සිය වාහනයෙන් බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයට පැමිණි නිශාන්ත මුතුහෙට්ටිගම, ආපසු හරවා යැවීමට පක්ෂයේ ප්‍රධානීන් කටයුතු කර තිබේ.

මේ අනුව පොදුජන පෙරමුණෙන් නාමයෝජනා අහිමි වූ අතුරලියේ රතන හිමි සාදන නව පක්ෂයට හෝ සමගි ජන බලවේගයට එක්වීමට නිශාන්ත මුතුහෙට්ටිගම සාකච්ඡා කරමින් සිටින බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button