නිකවැරටියේදි කුඩම්මාගෙන් පහර කෑ 13 හැවිරිදි දැරියට පියාම පෙම්වතෙක් සොයා දීලා

නිකවැරටිය ප්‍රදේශයේදි සුලු මව සහ ඇයගේ සහෝදරියගේ අමානුෂික ප්‍රහාරයකට ලක්වූ දහතුන් හැවිරිදි දැරිය කුරුණෑගල රෝහලේ දී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙකුගේ පරීක්ෂාවට ලක්කර තිබේ.
අදාල දැරියගේ අනාගතය පිළිබඳ තීරණ ගැනීමට විශේෂඥ කමිටුවක් හෙට රැස්වීමට නියමිත බවත් ඒ අනුව දැරිය කවර තැනැත්තෙක් භාරයට පත්කරන්නේ ද යන්නේ සිට ඇය පිළිබඳ ඉදිරි පියවර එම කමිටුව විසින් තීරණය කරනු ඇති බවත් වාර්තා වේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඇය පිළිබඳ තොරතුරු වාර්තා වී ඉකුත් ඇය පිළිබඳ සෙවීමට ඉකුත් 30 වැනිදා මීරිගමට ගිය නමුත් ඇය ඒ වනවිට සැඟව ගොස් තිබු බවත් ඇය සොයාගත නොහැකිව අධිකාරියේ විමර්ශන නිලධාරින් ආපසු පැමිණ තිබේ.
පසුව ඇයට පහර දීමේ සිද්ධිය මාධ්‍ය මගින් දැකීමෙන් පසු දිගින් දිගටම අධිකාරිය වෙත දුරකතන ඇමතුම් ලැබී යැයි කී සභාපතිවරයා ඒ අනුව යළි විමර්ශන නිලධාරිහු කණ්ඩායමක් නිකවැරටියට යැවූ බවත් කියා සිටියා.
ඒ අනුව ජාතික ලමා ආරක්ෂක අධිකාරියේ පොලිස් විමර්ශන කණ්ඩායම, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසේකර මහතා ඇතුළු කණ්ඩායමක් එහි ගොස් දැරිය අධිකාරිය භාරයට ගත් බවත් දැරියගේ කුඩම්මා, ග්රාමනිලධාරිනිය පියා සහ දැරිය ගේ පෙම්වතා යැයි කියා ගත් තරුණයාද අත් අඩංගුවට ගත් බව ද සඳහන් කළා.
මේ වනතෙක් කළ පරික්ෂණවලදී හෙළි වී ඇත්තේ මේ දැරියගේ පියා විසින් ඇයට පෙම්වතා හඳුන්වා දී ඇති බවය.
ඇය ඉකුත් 30 වැනිදා ඔහු සමඟ නිවසින් පිටව ගොස් ඇති බව ද යැයි පැවසූ මහාචාර්යවරයා මේ වනවිටත් සිද්ධිය පිළිබඳව ළමා ආරක්ෂක අධිකාරිය පුළුල් පරීක්ෂණයක් පවත්වමින් සිටින බව ද සඳහන් කළා.