BREAKING NEWSEXCLUSIVE

ඡන්දයෙන් පැරදිය නොහැකි ගෝඨා නඩු දමා සිරකරයි – ඡන්දය අවසන් වන තෙක් ගෝඨාට අතුරු තහනම් නියෝගයක් ?

හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව විවිධ චෝදනා නගමින් නඩු දමා, ඉන්පසුව ජනපතිවරණය තෙක් ඔහුට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමේ එජාපයට සම්බන්ධ සිවිල් සංවිධාන විසින් සැලසුමක් ක්‍රියාත්මක කර තිබේ.

මේ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අහෝසි කරන්නැයි ඉල්ලා ගාමිණි වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවර විසින් ඉදිරිපත් කළ පෙත්සම සළකා බැලීමට අධිකරණය තීරණය කර තිබේ.

මෙම නඩුවට කිසිඳු නෛතික පදනමක් නොමැති නමුත් එම නඩුව අවසන් වන තුරු සාමාන්‍යයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙරට පුරවැසිභාවයට අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට පෙත්සම්කරුවන්ට හැකියාව පවති.

එමගින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වීමේ හැකියාවක් හිමිවන්නේ නැත. නඩුව අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහතා නිදොස් වූවද එවිට ජනපතිවරණය අවසන්ව තිබෙන නිසා සිවිල් සංවිධාන සැලසුම සාර්ථක වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් වී තිබෙන ජනතා රැල්ල හේතුවෙන් ඡන්දයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කිරීම ඉතා අසීරූ ක්‍රියාවක් වන නිසා වෙනත් උපක්‍රමයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණයෙන් ඉවත් කිරීම මෙම කණ්ඩායමේ සැලසුම වී තිබේ.

මෙම නඩු දැමීම සඳහා ගාමිණි වියන්ගොඩට සහ චන්ද්‍රගුප්ත තේනුවරට සියලූම නෛතික උපදෙස් සහ මූල්‍යමය සහය මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් හිමි වන බවට වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button