BREAKING NEWSEXCLUSIVE
ලබන වසරේ වෙසක් ජාතික මහෝත්සවය කූරගල රජමහා විහාරයේදී

2022 වසරේ වෙසක් පොහෝ දින ජාතික උත්සවය බලංගොඩ කූරගල රජ මහා විහාරස්ථානයේ පැවැත්වීමට කටයුතු සූදානම් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කලා.
ඒ ඊයේ කූරගල රජමහා විහාරස්ථානයේ අසදිස ශාක්‍ය සුගත මහා සෑයේ මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීමේ උත්සවයට සහභාගී වූ අවස්ථාවේදීයි ඔහු මේ බව සඳහන් කළේ.
මෙවර ජාතික වෙසක් උත්සවය යාපනයේ පැවැත්වීමට නියමිතව තිබෙන අතර. ලබන වසරේ වෙසක් පොහෝ දින ජාතික මහෝත්සවය කූරගල පුදබිමේදී රාජ්‍ය අනුග්‍රහය යටතේ ජනපති ප්‍රධානත්වයෙන් සිදු වීමට නියමිතයි.