BREAKING NEWSEXCLUSIVE

ගම් මට්ටමින් ගැටළු විසදන්න පොලිසියෙන් අලුත් වැඩක්..

ප්‍රජා පොලිස් ඒකකය හරහා ගම් මට්ටමින් ජනතා ගැටලු විසඳීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

එහි නියමු ව්‍යාපෘතිය බස්නාහිර පළාතෙන් එලැබෙන සදුදා (19) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ අපරාධ නිවාරණ පොලිස් රාජකාරියන් සෘජුවම ග්‍රාමීය ප්‍රජා පොලිස් ඒකක හරහා සිදුකරවා ගැනීම මෙම නව වැඩපිළිවෙලේ අරමුණ බවයි.

අදාළ වැඩපිළිවෙල සඳහා මාර්ගෝපදේශ අඩංගු අත්පොත් ප්‍රදානය‍ කිරීම ඊයේ (16) පස්වරුවේ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී සිදුවුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button