BREAKING NEWSEXCLUSIVEPOLITICS

ජනපති නියමයෙන් මැතිවරණ වියදම් නියාමනයට නව නීති..!

මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන සලසන නීති සම්පාදනය කිරීමට ජනාධිපතිතුමන් ඉදිරිපත් කල යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන සලසන නීති සම්පාදනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් පසුගිය සතියේ ඉදිරිපත් කරන ලද එම යෝජනාවට කැබිනට් මණ්ඩලය විසින් ඒකමතිකව අනුමත කර තිබේ.

සමානුපාතික මැතිවරණ ක්‍රමය ස්ථාපිත වූ පසු මැතිවරණ වයාපාර වියදම් පාලනය සඳහා මෙරට ඊට අදාළව වෙනම නීතියක් සම්පාදනය වී නොමැත. එහෙත් වසර 1977 ට පෙර පැවති මැතිවරණ කාලය තුළදී අපේක්ෂක වියදම් මැතිවරණ කොමසාරිස්වරයා වෙත නිරවදය යලස භාරදීම අනිවාර්ය කොන්දේසියක් විය.1946 ලංකා පාර්ලියම්න්තු මැතිවරණ ආඥා පන මගින් මීට අදාළ නීති එකල හඳුන්වා දී තිබිණ.

ශ්‍රී ලාංකික පුරවැසියෙකු සතු පරමාධිපත්‍යයේ මූලිකාංගය සර්වජන ඡන්ද බලයයි. එය ඡන්ද විමසීමක දී ජනතා කැමැත්ත මත නිදහස් හා සාධාරණ ලෙසින් ක්‍රියාත්මක විය යුතුය. ඡන්ද විමසීමක දී කිසියම් අපේක්ෂකයෙකු, පක්ෂයක් හෝ කණ්ඩායමක් ජනතාවගේ ඡන්දය වෙනුවෙන් කිසිඳු පාලනයකින් තොරවම අධික ලෙස මුදල් වියදම් කරන්නේ නම් එමඟින් ජනතාවගේ කැමැත්ත කෙරෙහි සැළකිය යුතු බලපෑමක් ඇතිවිය හැකිය.

ඡන්ද විමසීම් වලදී තරඟ වදින අයේක්ෂකයින් හෝ පක්ෂ විසින් දරනු ලබන වියදම් පාලනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව බොහෝ කළක් තිස්සේ සාකච්ඡා වී ඇති නමුත් මේ වනතෙක් ඒ සදහා වූ නීති අප රටේ සම්පාදනය වී නොමැත. එනමුත් මේ වන විට ඉන්දියාව, ඇතුළු ලෝකයේ බොහෝ රටවල් මැතිවරණ වියදම් පාලනය කිරීයම් නීති ක්‍රියාත්මක වේ.

මෙම කැබිනට් පත්‍රිකාව හරහා මැතිවරණ වියදම් පාලනය සඳහා නීති සම්පාදනය කිරීමට අව‍ශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම තුලින් ශ්‍රී ලංකාව තුළ සාධාරණ මැතිවරණ පැවැත්වීම උදෙසා මෙන්ම අසීමිත මැතිවරණ වියදම් වැලැක්වීම වෙනුවෙන් විශාල පිටුවහලක් වෙනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button