BREAKING NEWSEXCLUSIVEPOLITICS

බදු නියෝග 15ක් සහ ආනයන අපනයන රෙගුලාසි කිහිපයක් අද පාර්ලිමේන්තුවට..

බදු නියෝග පහළොවක් සහ ආනයන අපනයන රෙගුලාසි කිහිපයක් අනුමැතිය සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ අනුව  සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක්ද වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග පහක් ද විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ නියෝග හයක්ද විදේශ විනිමය පනත යටතේ නියෝග තුනක්ද විදේශ විනිමය පනත යටතේ නියමයක් සහ ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි කිහිපයක්ද අද දිනයේ  විවාදයට ගෙන අනුමත කරගැනීමට නියමිත බවට වාර්තා වේ.

මෙම විවාදය පෙරවරු 11.00 සිට පස්වරු 4:30 දක්වා පැවැත්වීමට සියළු කටයුතු සූදානමින් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button