BREAKING NEWSEXCLUSIVE
නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා පත් කෙරේ..

ජනාධිපතිතුමා විසින් අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතාව පත්කර තිබෙනවා.
2015 – 2019 යහපාලන ආණ්ඩුව යටතේ අවස්ථා තුනකදී අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් පත්වීම් ලද ඒකනායක මහතා මෙවර අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් පත් කරනු ලබන්නේ සිව්වෙනි වරටය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ගත් ඒකනායක මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇති අතර ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙක්ද වනවා.
සමන් ඒකනායක මහතා වසර 30ක් ඉක්මවූ පරිපාලන සේවය තුළ යෞවන කටයුතු, ක්‍රීඩා, සමෘද්ධි, නිවාස, කර්මාන්ත, විදේශ කටයුතු හා මුදල් යන අමාත්‍යාංශවල මෙන්ම මැලේසියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ සහ ලන්ඩනයේ මහා කොමසාරිස් කාර්යාලයේද සේවය කර තිබෙනවා..