BREAKING NEWSEXCLUSIVE

සහල් මෝල් හිමියන් රුපියල් 5ක් ඉල්ලයි

රජයේ සහල් මිලදී ගැනීමේ වැඩපිළිවෙලෙහි කිසිදු ක්‍රමවත් බවක් නොමැති බවට එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරනවා.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා කියා සිටියේ විධිමත් ආකාරයෙන් සහල් මිල පාලනය කිරිමට නම් සහල් මෝල් හිමියන්ට රුපියල් 5ක් සහ වෙළඳසැල් හිමියන්ට රුපියල් 5ක්  ලබා ගැනිමට හැකිවන පරිදි නව සහල් මිල ගැසට් කිරිමක් සිදු කරන ලෙසයි.

මේ අතර වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සහල් මෝල් හිමියන් රජය පැනවු මිළ ගණන් වලට සහල් වෙළඳ පොළට නිකුත් කරන බවට පොරොන්දු වි පසුව වෙළඳ පොළ තුළ සහල් හිඟයක් ඇති කිරිමට කටයුතු කර ඇති බවයි.

එසේම,  දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළඳපොල හෙටත් විවෘතව තැබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button