මහමැතිවරණයට හිස්බුල්ලා – හකීම් – බදියුදීන්ගෙන් සංධානයක්, බලවේගයම සජිත්ගේ පක්ෂයට ?

එළඹෙන මහමැතිවරණය ඉලක්ක කරගෙන සුලු ජාතික ජනතාව උදෙසා නව දේශපාලන බලවේගයක් ඇති කිරීමට සාකච්ඡා ඇරඹී තිබේ.
මේ අනුව හිටපු ඇමතිවරුන් වන රිෂාඩ් බදියුදීන්, රාවුෆ් හකීම් සහ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ එම් හිස්බුල්ලා අතර සාකච්ඡාවක් සිදුව තිබෙන බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ නායකයන් වන තිදෙනාම එක බලවේගයකට එක්වූ විට ඡන්ද බෙදී යාම සිදු නොවීම ඔවුන්ගේ සාකච්ඡාවන්හි පදනම වී තිබෙන බව කියවේ.
මේ අනුව ඔවුන් තිදෙනා එක්වී එක බලවේගයක් තැනීමටත්, එම නව පක්ෂය සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරනා සමගි ජන බලවේගය සමග එක්ව මැතිවරණයට තරග වැදීමටත් යෝජනා වී තිබේ.
මින්පෙර මුස්ලිම් කොංග්රස් නායක රාවුෆ් හකීම් පුලුල් සුලුජන සංධානයක් වෙනුවෙන් ද්‍රවිඩ සංධානය ඇතුලු සියලූම සුලු ජන පක්ෂයන්ටද ආරාධනා කළා.
රිෂාඩ් බදියුදීන් සහ රාවුෆ් හකීම් සජිත් ප්‍රේමදාසගේ නව පක්ෂයෙන් මහමැතිවරණයට තරග කරන බව දැනටම තහවුරු කර අවසන්.