BREAKING NEWSEXCLUSIVE
එජාපයෙන් පොහොට්ටුවක් බිහිවේ – සජිත් පිලෙන් අලුත් පක්ෂයක්

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට රනිල් වික්‍රමසිංහ නැවතත් පත්වීමත් සමග ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ වැදීමට එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු බව දේශපාලන සන්ධානය බිහි කිරීමට එම පක්ෂයේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට හිතවාදී මන්ත්‍රී කණ්ඩායම අවසන් තීන්දුව ගෙන ඇත.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ නව සන්ධානයේ අවශ්‍ය නීතිමය කටයුතු සූදානම් කිරීමට තීන්දු කර තිබේ.
ඊයේ දිනයේ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය කැඳවීමේදී ඇති වූ අර්බුදකාරී තත්ත්වය මත මෙම තීන්දුව කඩිනම් කිරීමට ඔවුන් තීරණය කර තිබේ. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ.