BREAKING NEWSEXCLUSIVE
මත්ද්‍රව්‍ය විනාශ කිරීමට නව ක්‍රමවේදයක්

රට තුළ මත්ද්‍රව්‍ය හිඟයක් පවතින බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
ඒ මෙරට ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාලය පාලනය කිරීමට ගෙන ඇති පියවර හේතුවෙන් බව ඔහු සඳහන් කළා.
එමෙන්ම වැටලීම් මගින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීමට නව ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා අධිකරණ අමාත්‍යංශය හා නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවයි ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදා හරින්නන්හරින්නන් අත්අඩංගුවට ගෙන ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හේතුවෙන් ඔවුන්ට මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කිරීමට නොහැකි වී තිබෙන බවද ඒ මහතා සඳහන් කළා.