BREAKING NEWSEXCLUSIVE

නව රජයේ පළමු කැබිනට් පත්‍රිකාව 19 වැනි සංශෝධනය අහෝසි කිරීමට ගෙන එයි

19 වැනි සංශෝධනය අහෝසි කර දැමීම නව රජයේ ප්‍රමුඛ කාර්යය බව අධිකරණ ඇමැති අලි සබ්රි පවසනවා. ඒ අනුව 19 වැනි සංශෝධනය අහෝසි කිරීම සඳහා 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන බවත් අධිකරණ ඇමතිවරයා පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට පෞද්ගලිකව මේ සම්බන්ධයෙන් උපදෙස් දී ඇති බවත් ඔහු පවසයි. ඒ සඳහා වන සංකල්ප පත්‍රිකාව පළමු කැබිනට් මණ්ඩලයටම තමන් ඉදිරිපත් කරන බවද ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් මෙම සංශෝධනයේදී ජනාධිපති ධුර කාලය වසර 5 ක සීමාව දිගටම පවත්වන බවත් එක් අයෙකුට දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරිමට නොහැකි වීමේ නීතිය එලෙසම පවත්වා ගැනීමටත් උපදෙස් ලබාදී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ස්වාධීන කොමිසන් සභා සම්බන්ධයෙන් තමන් විසින් කිසිදු ප්‍රකාශයක් මේ වන තෙක් සිදු කර නැති බවත් ඒවා අහෝසි නොකිරීමට තිරණය කර ඇතැයි තමන් පැවසුවේ යැයි පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ඔහු තවදුරටත් කියා සිටියේය.

සබැඳි පුවත් :

“ඔයාලට ඕන විදියට සාෆිට රැකියාව ලබා දෙන්න බෑ” ජනපති ගෝඨාභයගෙන් රාජ්‍ය සේවා කොමිසමට දෝස් මුරයක්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button