BREAKING NEWSEXCLUSIVE
යුක්රේන හා රුසියානු සංචාරකයින්ගේ පිළිබද නව තීරණයක්..

මෙරට රැඳී සිටින යුක්රේන හා රුසියානු සංචාරකයින්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
රුසියානු සංචාරකයින් 11,463 සහ යුක්රේන සංචාරකයින් 3,993 දෙනෙකු මේ වන විට දිවයින තුළ රැඳී සිටින අතර රුසියානු – යුක්රේන අතර වර්ධනය වී ඇති අර්බුදය හේතුවෙන් ඔවුන්ට නැවත සිය රට කරා යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.
එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම සංචාරකයින්ගේ වීසා කාලසීමාව ගාස්තු අය කිරීමකින් තොරව මාස 2ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.