BREAKING NEWSEXCLUSIVEVIRAL NEWS

දකුණු අප්‍රිකාවෙන් හමුවූ නව කොවිඩ් ප්‍රභේදය එන්නත්වල ප්‍රතිශක්තියත් අබිබවා යන ලකුණු..

දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක පැතිර යන ලොව මෙතෙක් සොයාගෙන ඇති මාරාන්තිකම කොවිඩ් වෛරස ප්‍රභේදයේ විකෘතිතා ගැන තවමත් අධ්‍යයනය කරමින් සිටින බව දකුණු අප්‍රිකානු බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනය ප්‍රකාශ කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය ඩෙල්ටා ප්‍රභේදයට වඩා කොපමණ ප්‍රබල දැයි යන්න සම්බන්ධයෙන් ලෝකය පුරා විමර්ශන ආරම්භ වී තිබෙනවා. වෛද්‍ය පර්යේෂකයෝ සැක පළ කරන්නේ සියලු කොවිඩ් ප්‍රභේද අබිබවා යමින් ඉහළම විකෘතිතා පෙන්නුම් කරන මෙම නව කොවිඩ් ප්‍රභේදය කොවිඩ් මර්දන එන්නත් මගින් නිෂ්පාදනය කෙරෙන ප්‍රතිශක්තිය පවා අබිබවා යනු ඇති බවටය.

C.1.2 නමැති මෙම වෛරස ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් පළමු වරට සොයා ගැනීමෙන් පසුව එංගලන්තය, චීනය, කොංගෝ, මොරිසස්, නවසීලන්තය, පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය යනාදී රටවලින්ද සොයා ගැනුණි. මෙම මාරාන්තික C.1.2 ප්‍රභේදය පළමු වරට සොයා ගනු ලැබුවේ පසුගිය මැයි මාසයේ දී, දකුණු අප්‍රිකාවේ බෝවන රෝග පිළිබඳ ජාතික පර්යේෂණායතනය එම ප්‍රභේදය සොයාගෙන තිබුනා.

මේ අතර ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග අමෙරිකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 40 සීමාව පසුකර තිබේ. ඒ සමස්ත කොවිඩ් මරණ 657,000 ඉක්මවමිනි.එන්නත ලබාගැනීමට අකමැත්ත පළ කරන අමෙරිකානුවන් සිටින ප්‍රදේශවල ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව සඳහන්ය.

වසංගතය උත්සන්නවීම හේතුවෙන් සංචාරයට සුදුසු ආරක්‍ෂිත රටවල් ලැයිස්තුවෙන් අමෙරිකාව ඉවත් කිරීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබුනා. අමෙරිකානු සංචාරකයන් සඳහා පෙර පරිදිම සංචරණ සීමා නැවත ක්‍රියාත්මක කරන ලෙස යුරෝපා සංගමය සිය සාමාජික රටවල්වලට උපදෙස් ලබාදී ඇත.

ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද 21 කෝටි 85 ලක්ෂය ඉක්මවා ගිය අතර, වෛරසයෙන් මියගිය ගණන 45 ලක්ෂ 32 දහසකට අධිකයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button