BREAKING NEWSEXCLUSIVE

කොරෝනා රැල්ලක් අත ලඟ – නීතියට වැලිගසා පවුල් පිටින් නිවාඩු සමරන්න යයි

සෞඛ්‍ය උපදෙස් සහ පලාත් සංචරණ සීමා නොතකමින් මහජනතාව අද දිනයේ වැඩි වශයෙන් අනවශ්‍ය ගමන් බිමන් සදහා යොමුව ඇති බවක් දක්නට ලැබුනා.

අද (16) සිට දින කිහිපයක දීර්ඝ සති අන්ත නිවාඩුවක් එලඹීම හේතුවෙන් බොහෝ දෙනා විනෝද චාරිකා සහ බොහෝ වෙනත් ගමන් බිමන් සදහා පෙළඹීමද හේතුවෙන් දිවයින පුරා විවිධ ප්‍රදේශ වල දැඩි මාර්ග තදබදයන්ද ඇතිවී තිබුණා.

විශේෂයෙන් බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට ඇතුළුවීම සඳහා අධිවේග මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසල සිට දොඩම්ගොඩ දක්වා කිලෝමීටර් ගණනාවක් දිගු වාහන පෝළිම් දක්නට ලැබුණා.

කොවිඩ් පාලනය සඳහා පළාත් අතර තවදුරටත් සංචරණ සීමා ක්‍රියාත්මක වී තිබියදීත් මෙලෙස සෞඛ්‍ය උපදෙස් නොතකමින් ගමන් බිමන් යාමට ජනතාව පෙළඹී තිබීම විශේෂත්වයක්.

අද පෙරවරුවේ සිට පස්වරුව දක්වා එලෙස පැමිණි වාහන සම්බන්ධයෙන් වැලිපැන්න පිවිසුමේදී සිදු කළ පරීක්ෂාවන්වලදී නිසි අවසර පත්‍ර නොමැතිව බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට ඇතුළුවීමට පැමිණි වාහන 120ක් පමණ ආපසු හරවා යැවීමට ද පොලීසිය කටයුතු කර තිබෙනවා.

එමෙන්ම එලෙස පැමිණි වාහන වැලිපැන්න පිවිසුමේදී දැඩි පරීක්ෂාවට ලක්කිරීම හේතුවෙන් වාහන රියදුරන්ට පැය ගණනාවක් දිගු පෝලිම්වල රැඳී සිටීමට ද සිදුව තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button