BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

නව කොරෝනා වෛරස ප්‍රභේදයෙන් ගැබිණි මව්වරුන්ට දැඩි බලපෑමක්

මේ දිනවල දිවයින පුරා පැතිර යමින් පවතින නව කොරෝනා වෛරස ප්‍රභේදය මෙරට ගැබිණි මව්වරුන්ට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙම වෛරස් තත්ත්වය මගින් ගැබිණි මව්වරුන්ගේ පෙනහළුවලට දැඩිව බලපෑමක් එල්ල කරනු ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය මයුර මාන දෙවොලගේ මහතා ප්‍රකාශ කලේ,

“මේ අවස්ථාවේ ලංකාවේ පැතිරෙන කොවිඩ් වෛරසයෙන් විශේෂයෙන් ගැබිණි මව්වරුන්ට ආසාදනය වන තත්ත්වය වැඩි වෙලා තියෙනවා. ගොඩක් ගැබිණි මව්වරුන්ගේ රෝග ලක්ෂණත් වැඩි වෙලා තියෙනවා. පෙනහළු ආසාදිත තත්ත්වයන් අධික ලෙස ඉහළ ගිහින් තියෙනවා. දැනටත් දැඩිසත්කාර ඒකකවල ගැබිණි මව්වරුන් 3 දෙනෙකු වගේ ඉන්නවා. අපි කියන්නේ ගැබිණි මව්වරුන් හැම මොහොතකම උත්සාහ ගත යුතුයි මේ වෛරස් එක හැදෙන්නේ නැති වෙන්න ආරක්ෂාකාරිව ඉන්න. බැරි වෙලාවත් රෝග ලක්ෂණ තියෙනවා නම් ඉක්මණින් කොවිඩ් පරීක්ෂණයක් කරගන්න එක තමයි වඩාත් හොඳ.”යනුවෙන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button