GOSSIP NEWSVIRAL NEWS
ආචාර්ය කුමාරස්වාමී ඉවත් වේ – කලකට පසු සිංහලයෙක් මහ මහ බැංකු මුල් පුටුවට

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් පත්කර තිබේ.
හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පසුගිය 24 දා සිය ධුරයෙන් ඉවත් වූ අතර ඒ හේතුවෙන් හිස්වූ තනතුර සඳහා මෙසේ ලක්ෂ්මන් මහතා පත්කර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කර ඇති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් අධ්‍යාපනය වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් දේශමාන්‍ය සම්මානයෙන්ද පිදුම් ලබා ඇත.
යහපාලන රජය බලයට පැමිණි පසු අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කළ අතර බැඳුම්කර වංචාවෙන් පසු ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහ බැංකු මුල් පුටුවට පත් කළේය.
මේ අනුව සිංහල ජාතිකයෙකු මහ බැංකු මුල් පුටුවට පත් වන්නේ කලකට පසුවය.