BREAKING NEWSEXCLUSIVE
රාජපක්ෂවරුගෙන් තොර අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද හෝ හෙට..

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති අතර ඒ අනුව, අද (17) හෝ හෙට (18) දිනයේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
නව අමාත්‍ය මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් 15 දෙනෙකු පමණක් පත් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
කෙසේවෙතත් මේ සඳහා චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ශෂින්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් පත් නොකෙරෙනු ඇති අතරම
ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් ද මෙම අමාත්‍ය මණ්ඩලය නියෝජනය නොකරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඒ අනුව, නවක මුහුණු නව කැබිනට් මණ්ඩලය නියෝජනය කරනු ඇති බව ද වාර්තා වනවා.
කෙසේවෙතත් දැනට ක්‍රියාත්මක වන රාජ්‍ය අමාත්‍ය ධුරයන් ඒ ආකාරයෙන්ම පවතිනු ඇති බව සඳහන්.