BREAKING NEWSEXCLUSIVE

මාර්ග තදබදයේ සිටිය කාලය ඉවරයි – බත්තරමුල්ලේ සිට වැල්ලවත්තට බෝට්ටු සේවාව බදාදා ඇරඹේ

රථවාහන තදබදයට විසඳුමක් ලෙස වැල්ලවත්ත සිට බත්තරමුල්ල දියත උයන දක්වා මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ඇරඹෙනවා. එළඹෙන 11 වැනිදා සිට මෙම සේවාව ආරම්භ කෙරෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නාවික හමුදාවේද දායකත්වය ඇතුව මෙම බෝට්ටු සේවාව පවත්වාගෙන යෑමට නියමිතය.

වැල්ලවත්ත ශාන්ත පීතර විද්‍යාලය අසලින් (සැවෝයි සිනමා ශාලාව ඉදිරිපිට) ආරම්භ කෙරෙන බෝට්ටු සේවාව බත්තරමුල්ල දියත උද්‍යානය අසලට සහ යළි එහි සිට වැල්ලවත්ත දක්වා පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා ක්‍රියාත්මක වනවා.

මේ සඳහා මගීන් 18 බැගින් ගමන් කළ හැකි බෝට්ටු ⁣දෙකක් සහ මගීන් අටදෙනෙකු බැගින් ගමන් කළ හැකි බෝට්ටු දෙකක් යොදවා ඇති අතර මසක් ඇතුලත බෝට්ටු සංඛ්‍යාව වැඩි කිරීමට නියමිතය.

විනාඩි තිහකට වරක් බෝට්ටුවක් ගමන් අරඹන අතර ගමන් මග කිලෝමීටර් දහයකි.

වැල්ලවත්ත සිට බත්තරමුල්ලට සහ බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා එක් මගියකුගෙන් රුපියල් හැට බැගින් අය කරනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button