GOSSIP NEWSVIRAL NEWS
බුද්ධි අංශ තවදුරටත් ශක්තිමත් කෙරේ – බුද්ධි රණවිරුවන්ට මුක්තිය හිමි වන නව ජාතික බුද්ධි පනතක් ගෙන ඒමට සුදානම්

බුද්ධි අංශ බලාත්මක කිරීමේ අරමුණින් නව ජාතික බුද්ධි පනතක් කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව එම පනත කෙටුම්පත් කිරීමටත් නීතිපතිවරයාට යොමුකිරීමටත් නව රජය විසින් කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
මේ අනුව බුද්ධි අංශ නිලධාරීන්ට රාජකාරී වගකීම් පැවරීම, ඔවුන්ට මුක්තිය ලබාදීම, බුද්ධි අංශ වෙත නෛතික අවකාශ නිර්මාණ කිරීම ආදී අරමුණු ඇතිව මෙම පනත කෙටුම්පත් කිරීමට නියමිතය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ C.I.A බුද්ධි නිළධාරීන්ටද මුක්තිය ලබා දී තිබෙන්නේ මෙවැනිම බුද්ධි පනතකිනි.
පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය විසින් බුද්ධි අංශ රණවිරුවන් විශාල ප්රමාණයක් සිරගත කළ අතර, අනාගත කිසිඳු රජයක් විසින් එලෙසට බුද්ධි අංශ රණවිරුවන් මර්ධනය කළ නොහැකි අයුරින් මෙම පනත කෙටුම්පත් කර තිබේ.