BREAKING NEWSEXCLUSIVE
නව හමුදාපති වැඩ භාරගනියි.

නව යුද හමුදාපති ලෙස පත්කෙරුණු ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා මෙරට 24වන හමුදාපති ලෙස අද (01) උදෑසන වැඩ භාරගනු ලැබුවා.
යුද හමුදාවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන විකුම් ලියනගේ මහතා යුද හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමත් සමග ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කෙරුණා.
මේ අතර හිටපු යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ අතර ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපතිවරයා විසින් ඊයේ පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත භාර දෙනු ලැබුවා.