BREAKING NEWSEXCLUSIVE
කොරෝනා වෛරසය මඩින්න කඩිනම් පියවර – චීන කම්කරුවන්ට වැට බැදේ

කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීමට රජය විසින් තීරණ ගණනාවක් ගෙන තිබේ.
මේ අනුව අද (28) දිනයේ සිට ගුවන් මගීන්ට හැර ඔවුන්ගේ ඥාතීන්ට හෝ හිතවතුන්ට කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඇතුළු වීමට අවසර ලබා නොදීමට තීරණය කර ඇත.
එසේම චීන ජාතිකයින්ට ගුවන් තොටුපළේදී වීසා ලබාදීමද (On arrival visa) නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ සාමාන්‍යයෙන් චීන ජාතිකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව වීසා නිකුත් කිරීම මෙතෙක් සිදු කෙරුණ ද පවතින වාතාවරණය හමුවේ එය නවතා දැමූ බවයි.
ඒ අනුව මින් ඉදිරියට චීන ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා චීනයේදීම වීසා අයදුම් කළ යුතු අතර ඔවුන් පැමිණෙන ප්‍රාන්තය ඇතුළු අදාළ කාරණා නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පමණක් වීසා නිකුත් කෙරෙනු ඇති බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවා.